අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
11. තික වර්ගය
3. විතක්ක පහාණ සූත්රය
’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්. කාම සිතිවිල්ල, කෝප සිතිවිල්ල, හිංසා සිතිවිල්ල යනුය. මහණෙනි, මේ ධර්ම තුනයි.
’’මහණෙනි, මේ ධර්ම තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය.
’’කිනම් තුනක්ද යත්? කාමයන් ගැන සිතීම ප්රහීණ කිරීම පිණිස නෛෂ්කාම්ය කල්පනාව වැඩිය යුතුයි. කෝප සිතිවිල්ල ප්රහීණ කිරීම පිණිස මෛත්රී සිතිවිල්ල වැඩිය යුතුය. හිංසා සිතිවිල්ල ප්රහීණ කිරීම පිණිස අවිහිංසා සිතිවිල්ල වැඩිය යුතුය. මහණෙනි, මේ ධර්ම තුන ප්රහාණය කිරීම පිණිස ධර්ම තුනක් වැඩිය යුතුය.