අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
3. අනුත්තරිය වර්‍ගය
2. අපරිහානිය ධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ නොපිරිහෙන දැරීම් හය දෙසන්නෙමි.’’ ’’එසේය ස්වාමීනි’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ඒ නොපිරිහෙන දහම් සය කවරේද? කම්මාරාමතා (කටයුතුවලට ඇලුම්) නොවීමයි. හස්සාරාමතා (කථාවෙහි ඇලුනු බව) නෙවීමයි. නිද්දාරාමතා (නිදාගැනීමේ ඇලුම්) නොවීමයි. සංගණිකාරාමතා (කිණ්ඩ ගැසීමේ ඇලුම්) නොවීමයි. සොවචස්සතා (හොඳ වචන ඇති බව) යි. කල්‍යාණ මිත්තතා (යහපත් මිතුරන් ඇති බව) යි. මේ නොපිරිහෙන දැරීම් හයයි. මහණෙනි, යම් කිසිවෙක් පෙර කල්හි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය. යම් කිසිවෙක් අනාගත කාලයෙහි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය. යම් කිසිවෙක් දැන් කාලයෙහි කුසල් දහමින් පිරිහුණේද, ඒ සියල්ලෝම කුසල් දහම්වූ මේ දහම් සයෙන් පිරිහුණේමය.