අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
3. අනුත්තරිය වර්‍ගය
4. හිමවන්තපදාලන සූත්‍රය
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව හිමවත් පව්ව පළා ලන්නේ නම් ලාමකවූ මුලාව ගැන කවර කථාද ?
’’කවර සයකින්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම හිත එකඟයට සමවැදීමේ දක්‍ෂයෙක් වේද, සිත එකඟයෙහි සිටීමේ දක්‍ෂයෙක් වේද, සිත එකඟයෙන් නැග සිටීමේ දක්‍ෂයෙක් වේද, නීරෝගීතාවෙන් දක්‍ෂයෙක් වේද, අරමුණ ගැනීමෙහි දක්‍ෂයෙක් වේද, ඉදිරියට ගෙන ඒමෙහි දක්‍ෂයෙක් වේද,
’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව හිමවත් පව්ව පළා ලන්නේ නම් ලාමකවූ මුලාව ගැන කවර කථාද ?