අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)
6. සන්තසමාධි සූත්‍රය
’’මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂුව ශාන්තවූ සමාධිය නැතිව, ප්‍රණීත සමාධිය නැතිව, සංසිඳීම නැතිව, සිතේ එකඟකම නැතිව, එකෙකු බොහෝ දෙනෙකු වන්නාහ. බොහෝ දෙනෙකු එකෙක් වන්නේය. (දීඝ නිකායේ, 3 සූත්‍රයේ, 70 ඡේදයේ, ’’ඉදිරිපත්කොට’’ යන වචනයේ සිට යොදාගත යුතුයි.)
’’බ්‍රහ්ම ලෝකය තෙක් වසඟකොට පවත්නේයයි යන කාරණය සිදු නොවේ.
’’පිරිසිදුවූ, මිනිස් ගතිය ඉක්මවූ, දිව කණින්, දුරද. ලඟද යන ශබ්ද දෙක අසන්නේය යන කාරණය සිදුනොවේ.
’’රාග සහිත සිත, රාග සහිතයයි දන්නේය. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 72 ඡේදයේ, ’’රාග සහිත සිතයයි දැන ගන්නෙමි’’ යන්න ’’දැනගන්නේය’’ යි කියා වෙනස්කොට යොදාගත යුතුයි.)
’’නොමිදුන සිත, නොමිදුන සිතයයි දන්නේය යන අන්‍ය සත්ත්‍වයන්ගේ. අන්‍ය පුද්ගලයන්ගේ සිතින් සිත වෙන්කොට දැනගන්නේය යන කාරණය සිදු නොවේ.
’’නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය. කෙසේද, එක ජාතියක්, ජාති දෙකක්, (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 74 ඡේදයේ, ’’එක් ජාතියක්ද’’ යන තැන් සිට යොදාගත යුතුයි.)
’’ආකාර සහිත පෙර වූ සිහිකිරීම් සහිත, නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය, යන කාරණය සිදු නොවේ.
’’මිනිස් ගතිය ඉක්මවූ දිවැසින් සත්ත්‍වයන් බලත්. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 75 ඡේදයේ, ’’හේ නොයෙක් පෙර විසීම් සහිත’’ යන තැන් සිට යොදාගත යුතුයි.) කර්‍මය පරිදි පැමිණෙන සත්ත්‍වයන් දැනගන්නේය යන කාරණය සිදු නොවේ.
’’ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රවයන් නැති (අඞ්ගුත්තර නිකායේ, 2 පණ්ණාසකයේ, පඤ්චඞ්ගික සමාධි සූත්‍රයේ, අග කොටස යෙදිය යුතුයි. 793 පිට) ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය යන කාරණය සිදු නොවේ.
’’මහණෙනි, ඒ භික්‍ෂුව ශාන්තවූ සමාධියෙන් ප්‍රණීත සමාධියෙන් සංසිඳීමෙන් සිතේ එකඟකමින්. නොයෙක් ඉර්ධි විධිය විඳියි. බොහෝ දෙනෙකු වන්නාහ. බොහෝ දෙනෙකු එකෙක් වන්නේය. (දීඝ නිකායේ, 3 සූත්‍රයේ, 70 ඡේදයේ, ’’ඉදිරිපත්කොට’’ යන වචනයේ සිට යොදාගත යුතුයි.)
’’බ්‍රහ්ම ලෝකය තෙක් වසඟකොට පවත්නේ බ්‍රහ්මලෝකය තෙක් කයින් වසඟතොට පවත්නේය යන කාරණය සිදුවෙයි.
’’මිනිස් ගතිය ඉක්මෙව්වාවූ. පිරිසිදුවූ දිව කණින්. දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලංවූද, ශබ්ද දෙක අසන්නේය යන කාරණය සිදුවෙයි.
’’රාග සහිත සිත, රාග සහිතයයි දන්නේය. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 72 ඡේදයේ, ’’රාග සහිත සිතයයි දැන ගන්නෙමි’’ යන්න ’’දැනගන්නේය’’ යි කියා වෙනස්කොට යොදාගත යුතුයි.) නොමිදුන සිත, නොමිදුන සිතයයි දන්නේය. අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිතින් සිත වෙන්කොට දැනගන්නේය යන කාරණය විද්‍යමාන වෙයි. නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය. කෙසේද? එක ජාතියක්, ජාති දෙකක්. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 74 ඡේදයේ, ’’එක් ජාතියක්ද’’ යන තැන් සිට යොදාගත යුතුයි.)
’’ආකාර සහිත පෙරටුවූ නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය, යන කාරණය සිදු වේ.
’’මිනිස් ගතිය ඉක්මවූ, පිරිසිදු දිවැසින් සත්ත්‍වයන් දකින්නේය. චුතවෙන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීත වූද, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, යහපත් ගති ඇත්තාවූද, නපුරු ගති ඇත්තාවූද. කර්මය පරිද්දෙන් පැමිණෙන්නාවූ සත්ත්‍වයන් දන්නේය යන කාරණය සිදුවේ.
’’ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව නැති සිතේ මිදීම
’’ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රවයන් නැති (අඞ්ගුත්තර නිකායේ, 2 පණ්ණාසකයේ, පඤ්චඞ්ගික සමාධි සූත්‍රයේ, අග කොටස යෙදිය යුතුයි. 793 පිට) ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේය යන කාරණය සිදු වෙයි.