අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
2. අනුසය වර්ගය
10. නිදස්සවත්ථු සූත්‍රය
’’මහණෙනි, මේ නිර්දෝෂ වස්තූහු සතක් වෙති.
’’කවර සතක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශික්ෂා සමාදානයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ශික්ෂා සමාදානයෙහි නොහළ පෙම් ඇත්තේ ධර්මය පිළිබඳ ඇල්මෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ධර්මය පිළිබඳ ඇල්මෙහි නොහළ පෙම් ඇත්තේ ආශාව හික්මවීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ආශාව හික්මවීමෙහි නොහළ පෙම් ඇත්තේ විවේකයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද විවේකයෙහි නොහළ පෙම් ඇත්තේ වීර්ය්යාරම්භයෙහි දැඩි ආශාව ඇත්තේ වේද, වීර්ය්යාරම්භයෙහි නොහළ පෙම් ඇත්තේ ප්‍රඥා ස්මෘතියෙහි (සිහි නුවණෙහි) දැඩි ආශාව ඇත්තේ වේද, මත්තෙහිද ප්‍රඥා ස්මාතියෙහි නොහළ පෙම් ඇත්තේ සම්‍යක් දෘෂ්ටිය ප්‍රතිවේධ කිරීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මහණෙනි, මේ සප්ත නිර්දෝෂ වස්තූහු
වෙත්.’’
දෙවැනි අනුසය වර්ගය නිමි.