අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. සති වර්‍ගය
9. පටිසාරණීය කම්ම සූත්‍රය
’’මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය.
’’කවර අටකින්ද යත්? ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව කෙරේද, ගිහියන් ගිහියන් හා භෙද කෙරේද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, ගිහින්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය නොකෙරේද (යනුය.)මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය.