ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

2. පුණ්‍යක්‍රියා වර්ගය

7. සොචෙය්‍ය සූත්‍රය

“මහණෙනි, මේ පිරිසිදු බැව් තුණෙකි. කවර තුණෙක්ද යත්? කාය සුචරිතය වාග්සුචරිතය මනොසුචරිතය (යන තුණය). මහණෙනි, මේ වනාහි තුන් පිරිසිදු බැව් වෙත්ය”යි.

භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“කයින් පිරිසිදු බවය වචනයෙන් පිරිසිදු බවය (කාමාදි) ආශ්‍රවයන් නැත්තාවූ සිතින් පිරිසිදු බවය ඉතා පිරිසිදුවූ පිරිසිදු සම්පත්තියෙන් යුක්තවූ සියලු (අකුසල්) පහකරන්නාවූ පවිත්‍ර භාවයයි කියත්යයි.”