සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

2. සත්තධාතු වර්ගය

8. අස්සද්ධමූලක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් සමග එක්වෙත්, සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් සමග එක්වෙත්, සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගි වූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

(අස්සද්ධමුලක 1 සූත්‍රය නිමි.)

අස්සද්ධ මූලක සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් එක්වෙත්, සමගිවෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් සමග එක්වෙත්, සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් සමග එක්වෙත්, සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගි වූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වූහ. සමගිවූහ. බවට බිය ඇත්තෝ බවට බිය ඇත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය ඇත්තන් පවට බිය ඇත්තන් සමග එක් වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වෙත් සමගි වෙත්.”

( අස්සද්ධමූලක 2 සූත්‍රය නිමි.)

අස්සද්ධමූලක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්, සමගිවෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූතැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් සමග එක්වෙත්, සමගි වෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් සමග එක්වෙත්, සමගි වෙත්. බහුශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ) බහුශ්‍රැතයන් සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් සමග එක් වෙත්, සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වූහ, සමගි වූහ, බහුශ්‍රැතයෝ, බහුශ්‍රැතයන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වූහ, සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත් අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වෙත්. සමගි වෙත්.”

(අස්සද්ධමූලක 3 සූත්‍රය නිමි.)

අස්සද්ධමූලක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් සමග එක් වෙත්. සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් සමග සමගිවෙත්, එක්වෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ පටන් ගන්නාලද වීර්ය ඇත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් සමග එක්වෙත්, සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ. පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ පටන් ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. කුසිතයෝ කුසීතයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ පටන් ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කුසීතයෝ කුසීතයින් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. පටන් ගන්නාලද වීර්යය ඇත්තෝ පටන්ගන්නාලද වීර්යය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්.”

(8 අස්සද්ධමූලක සූත්‍රය 4 නිමි.)

අස්සද්ධමුලක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වෙත්, සමගි වෙත්. මුළා සිහි ඇත්තෝ, මුළා සිහි ඇත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් සමග එක්වෙත්, සමගි වෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් සමග එක්වෙත්, සමගි වෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් සමග එක්වෙත්, සමගිවෙත්, ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් සමග එක්වෙත්, සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ, සමගිවූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වූහ, සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ, සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තන් සමගි වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවන්තයන් හා සමග එක්වෙත්, සමගි වෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත් ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.

(අස්සද්ධමූලක සූත්‍රය 5 නිමි.)