සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
2. සත්තධාතු වර්ගය
9. අහිරිකමූලක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් සමග එක්වෙත්, සමගි වෙත්. පවට බිය නැත්තෝ බවට බිය නැත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥානැත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. හිරි (ලජ්ජා) ඇත්තෝ ලජ්ජා ඇත්තන් සමග එක්වෙත්, සමගි වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් සමග එක්වෙත්, සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ, සමගිවූහ. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වූහ, සමගි වූහ, ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග සමගි වූහ, එක් වූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ, සමගි වූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය සමගි වන්නාහුය. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත් පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්.”
(අහිරිකමූලක 1 සූත්‍රය නිමි.)
අහිරිකමූලක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. (එහිදී) භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්, සමගිවෙත්. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූ පිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක් වෙත්. සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වූහ, සමගි වූහ, ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගි වූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක් වන්නාහුය, සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥා ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.”
(අහිරිකමූලක 2 සූත්‍රය නිමි.)
අහිරිකමූලක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක් වෙත් සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්, ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්, සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්යය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ, සමගි වූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. කුසීතයෝ කුසීතයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය පටන්ගන්නාද වීර්ය ඇත්තෝ පටන්ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක් වෙත්, සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන් ගන්නා ලද වීර්ය ඇත්තෝ පටන් ගන්නාලද වීර්ය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
(9 අහිරිකමූලක සූත්‍රය නිමි.)
අහිරිකමූලක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත් සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ, ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. සිහිමුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.
“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත් (කෙසේද?) ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්.
(9 අහිරිකමූලක 4 සූත්‍රය නිමි)