සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
3. කම්මපථ වර්ගය
7. දසඩ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි, වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාසංකල්පනා ඇත්තෝ මිථ්‍යාසංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාවචන ඇත්තෝ මිථ්‍යාවචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාකර්මාන්ත ඇත්තෝ මිථ්‍යාකර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යාවචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වෙත්. සමගි වෙත්. (කෙසේද?) මිථ්‍යාදාෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
(හත්වෙනි දසඩ්ග සූත්‍රය නිමි.)
අසමාභිත සූත්‍රයද, දුස්සීල සූත්‍රයද, පඤ්චසික්ඛාපද සූත්‍රයද, සත්තකම්මපථ සූත්‍රයද, දසකම්මපථ සූත්‍රයද, සවනුව කියන ලද අට්ඨඩ්ගික සූත්‍රයද, සත්වන දසඩ්ග සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර සතකි.
තුන්වෙනි කම්මපථ වර්ගය නිමි.