සංයුත්තනිකායො
නිදාන වර්ගය
7. රාහුල සංයුත්තය
2. දෙවැනි වර්ගය
2–10. රූප ආදී වූ සූත්‍ර නවය
රූප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළසේක.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ශබ්දය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ගන්ධය, නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?’-ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රසය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ස්පර්ශය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.
‘යමක් වනාහි අනිත්‍යද එය දුක් හෝ සැප හෝ වේද?’, ‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ධර්මය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිත් කලකිරෙයි. ශබ්දයෙහිත් කලකිරෙයි. ගන්ධයෙහිත් කලකිරෙයි. රසයෙහිත් කලකිරෙයි. ස්පර්‍ශයෙහිත් කලකිරෙයි, ධර්මයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි. නො ඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලෙශයන් ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැන ගනියි.’
(දෙවෙනි රූප සූත්‍රය නිමි.)
විඤ්ඤාණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් ‘රාහුල’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි එය නුසුදුසුය.’
‘ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම චක්ඛු විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. සෝත විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝාණ විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කාය විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝ විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(තුන්වෙනි විඤ්ඤාණ සූත්‍රය නිමි.)
සම්ඵස්ස සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?-’ ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ඝාන සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-ස්වාමීනි දුකය’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
“රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම චක්ඛු සම්ඵස්සයෙහිත් කලකිරෙයි. සෝත සම්ඵස්සයෙහිත් කලකිරෙයි. ඝාන සම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හා සම්ඵස්සයෙහිත් කලකිරෙයි. කය සම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝ සම්ඵස්සයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.”
(සතරවෙනි සම්ඵස්ස සූත්‍රය නිමි.)
වේදනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, චක්ඛුසම්ඵස්සයෙන් ඇතිවන වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍ය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සෝත සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ඝාන සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ජිව්හා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද? එය දුක් හෝ සැප හෝ වේද?-ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘කාය සම්ඵස්සයෙන් උපන් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම් එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘මනෝ සම්ඵස්සයෙන් ඇතිවන වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම චක්ඛු සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාවෙහිත් කලකිරෙයි. සෝත සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාවෙහිත් කලකිරෙයි. ඝාන සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාවෙහිත් කලකිරෙයි. ජිව්හා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාවෙහිත් කලකිරෙයි. කාය සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාවෙහිත් කලකිරෙයි. මනෝ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවරවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින් පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(පස්වෙනි වේදනා සූත්‍රය නිමි.)
සඤ්ඤා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූප සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ශබ්ද සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ගන්ධ සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රස සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ස්පර්ශ සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ධර්ම සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
“රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූප සංඥාවෙහිත් කලකිරෙයි. ශබ්ද සංඥාවෙහිත් කලකිරෙයි. ගන්ධ සංඥාවෙහිත් කලකිරෙයි. රස සංඥාවෙහිත් කලකිරෙයි. ස්පර්ශ සංඥාවෙහිත් කලකිරෙයි. ධර්ම සංඥාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරණ ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.”
(හයවෙනි සංඥා සූත්‍රය නිමි.)
සඤ්චෙතනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූප සඤ්චෙතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ශබ්ද සඤ්චෙතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ගන්ධ සඤ්චෙතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රස සඤ්චෙතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ස්පර්ශ සඤ්චෙතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ධර්ම සඤ්චෙතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපසඤ්චෙතනාවෙහිත් කලකිරෙයි. ශබ්ද සඤ්චෙතනාවෙහිත් කලකිරෙයි. ගන්ධ සඤ්චෙතනාවෙහිත් කලකිරෙයි. රස සඤ්චෙතනාවෙහිත් කලකිරෙයි. ස්පර්ශ සඤ්චෙතනාවෙහිත් කලකිරෙයි. ධර්ම සඤ්චෙතනාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(හත්වෙනි සඤ්චෙතනා සූත්‍රය නිමි.)
තණ්හා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, ‘රූප තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි එය නුසුදුසුය.’
‘ශබ්ද තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි එය නුසුදුසුය.’
‘ගන්ධ තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රස තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ස්පර්ශ තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ධර්ම තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූප තණ්හාවෙහිත් කලකිරෙයි. ශබ්ද තණ්හාවෙහිත් කලකිරෙයි. ගන්ධ තණ්හාවෙහිත් කලකිරෙයි. රස තණ්හාවෙහිත් කලකිරෙයි. ස්පර්ශ තණ්හාවෙහිත් කලකිරෙයි. ධර්ම තණ්හාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(අටවෙනි තණ්හා සූත්‍රය නිමි.)
ධාතු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, පඨවි ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ආපෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘තේජෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘වායෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ආකාස ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි, එය නුසුදුසුය.’
‘විඤ්ඤාණ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-ස්වාමීනි එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම පඨවි ධාතුවෙහිත් කලකිරෙයි. ආපෝ ධාතුවෙහිත් කලකිරෙයි. තේජෝ ධාතුවෙහිත් කලකිරෙයි. වායෝ ධාතුවෙහිත් කලකිරෙයි. ආකාශ ධාතුවෙහිත් කලකිරෙයි. විඤ්ඤාණ ධාතුවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(නවවෙනි ධාතු සූත්‍රය නිමි.)
ඛන්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
‘රාහුලය, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද? ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සංස්කාරය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ ‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, නුසුදුසුය.’
‘විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ ‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි. දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයෙහිත් කලකිරෙයි. විඤ්ඤාණයෙහිත් කලකිරෙයි.
‘කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලෙශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලෙශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(දසවෙනි ඛන්ධ සූත්‍රය නිමි.)