සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
11. වලාහක සංයුත්තය
55. අබ්භ සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල්වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ, ‘අබ්භ’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වැසි වලාකුල් වෙයි යනුයි. යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”