සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
12. ලොකකාමගුණ වර්‍ගය
10. උපාදාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්‍මයන්ද, උපාදානයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්‍මයෝ කවරහුද, උපාදානය කවරේද?
’’මහණෙනි, චකඛු විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, රූපයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඇලීමක් වේද, එය එහි උපාදානය වේ.
’’මහණෙනි, සෝත විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ශබ්දයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඇලීමක් වේද, එය එහි උපාදානය වේ.
’’මහණෙනි, ඝාණ විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ගන්‍ධයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඇලීමක් වේද, එය එහි උපාදානය වේ.
’’මහණෙනි, ජිව්හා විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, රසයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඇලීමක් වේද, එය එහි උපාදානය වේ.
’’මහණෙනි, කාය විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඇලීමක් වේද, එය එහි උපාදානය වේ.
’’මහණෙනි, මනෝ විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ධර්‍මයෝ වෙත්. මහණෙනි, මොවුහු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයි කියනු ලැබෙත්. එහි යම් ඇල්මක් වේද, එය එහි උපාදානය වේයයි, වදාළේය.
ලොක කාමගුණ වර්‍ගයයි.