සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
15. නවපුරාණ වර්‍ගය
4. සපපාය සූත්‍රය. (3)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනාත්මයයි දකීද, රූපයෝ අනාත්මයහයි දකීද, චක්‍ඛු විඤඤාණය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵසසය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
’’කණ අනාත්මයයි දකීද, ශබ්දයෝ අනාත්මයහයි දකීද, සෝත විඤඤාණය අනාත්මයයි දකීද, සෝත සම්ඵසසය අනාත්මයයි දකීද, සෝතසම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
’’නාසය අනාත්මයයි දකීද, ගන්‍ධයෝ අනාත්මයහයි දකීද, ඝාණ විඤඤාණය අනාත්මයයි දකීද, ඝාණ සම්ඵසසය දුකයයි දකීද, ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
’’දිව අනාත්මයයි දකීද, රසයෝ අනාත්මයහයි දකීද, ජිව්හා විඤඤාණය අනාත්මයයි දකීද, ජිව්හා සම්ඵසසය දුකයයි දකීද, ජිව්හා සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
’’කය අනාත්මයයි දකීද, ස්පර්‍ශයෝ අනාත්මයහයි දකීද, කාය විඤඤාණය දුකයයි දකීද, කාය සම්ඵසසය අනාත්මයයි දකීද, කාය සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?
’’සිත අනාත්මයයි දකීද, ධර්‍මයෝ අනාත්මයහයි දකීද, මනො විඤඤාණය අනාත්මයයි දකීද, මනො සම්ඵසසය දුකයයි දකීද, මනො සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවණට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.