සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

15. නවපුරාණ වර්‍ගය

5. සපපාය සූත්‍රය. (4)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?

’’මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මහණෙනි, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මනො විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.’’

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනො විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණියි. මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාව වේය’’ යි වදාළ සේක.