සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
2. යමක වර්‍ගය
8. අභිනන්‍දන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමෙක් රූපයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් ශබ්දයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් ගන්ධයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. ’’මහණෙනි, යමෙක් රසයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් ස්පර්‍ශයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් ධර්මයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් වනාහි රූපයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවේ. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් ශබ්දයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් ගන්‍ධයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් රසයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් වනාහි ස්පර්‍ශයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් ධර්‍මයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි’’ යි (වදාළ සේක.)