සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
2. යමක වර්‍ගය
7. අභිනන්‍දන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමෙක් ඇසට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් කණට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් නාසයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් දිවට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් කයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් සිතට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.
’’මහණෙනි, යමෙක් වනාහි ඇසට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. ’’යමෙක් වනාහි කණට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් වනාහි නාසයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් වනාහි දිවට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් වනාහි කයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
’’යමෙක් වනාහි සිතට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි’’ යි (වදාළ සේක.)