සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
18. සමුද්ද වර්‍ගය
4. ඛීරරුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ ඇසට අනිෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කණට අනිෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණ ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ නාසයට අනිෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ දිවට අනිෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේද, එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කයට අනිෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ සිතට අනිෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ තරුණවූ ලපටිවූ කිරි ඇති ගසක් වේද, එය පුරුෂයෙක්තෙම තියුණුවූ කෙටේරියෙන් යම් ඒ තැනකින් සිඳින්නේනම් කිරි ගලන්නේද?, }“ , එසේය, ස්වාමීනි.,
’’ඊට හේතු කවරේද? , }“ , ස්වාමීනි, යම් කිරක් වේද, එය ඇති හෙයිනි.,
’’මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ ඇසට අනිෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කණට අනිෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණ ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ නාසයට අනිෂ්ටවූද ඝාණ විඤඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ දිවට අනිෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේද, එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කයට අනිෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ සිතට අනිෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චකඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ ඇසට ඉදින් ඉෂ්ටවූද චකඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට රූපයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය නැත්තේය. යම් ද්වේෂයක්වේද, එය නැත්තේය. යම් මෝහයක් වේද, එය නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය. (එහෙයිනි.)
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක් වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීණවූයේද, ඔහුගේ කණට ඉදින් ඉෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ශබ්දයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ නාසයට ඉදින් ඉෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට ගන්‍ධයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ දිවට ඉදින් ඉෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ රසයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක් වේ නම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ කයට ඉදින් ඉෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ස්පර්‍ශයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන වූයේද, ඔහුගේ සිතට ඉදින් ඉෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්. අනිෂ්ටවූ ධම්මාරම්මණයන් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේනම්, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේනම්, ඒ නැත්තේය. යම් මෝහයක් වේනම්, ඒ නැත්තේය. යම් රාගයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්සේ ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ වියලුනාවූ මැලවුනාවූ දිරා ගියාවූ කිරි ගසක් වේද, එය පුරුෂයෙක් තියුණුවූ කෙටේරියෙන් යම් ඒ තැනක් සිඳින්නේනම් කිරි එන්නේද?, }“ , ස්වාමීනි එය නොවේමැයි,
’’ඊට හේතු කවරේද? , }“ , ස්වාමීනි, යම් කිරක් වීනම් එය නැති හෙයිනි.,
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ ඇසට ඉදින් ඉෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට රූපයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය නැත්තේය. යම් ද්වේෂයක්වේද, එය නැත්තේය. යම් මෝහයක් වේද, එය නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය. (එහෙයිනි.)
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක් වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීණවූයේද, ඔහුගේ කණට ඉදින් ඉෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ශබ්දයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ නාසයට ඉදින් ඉෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට ගන්‍ධයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ දිවට ඉදින් ඉෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ රසයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ කයට ඉදින් ඉෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ස්පර්‍ශයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.