සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

14. පඤ්චවේර සූත්‍රය

“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී. කවර කරුණු පසකින්ද යත්, සතුන් මරන්නියක් වේද, නුදුන් දෙය ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පානය කරන්නියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී.”

පළමුවෙනි වර්ගය නිමි.