සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

2. දෙවැනි වර්ගය

10. පඤ්චසීල සූත්‍රය

“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්, සතුන් මැරීමෙන් වැළකුනී වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනී වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනී වෙයිද, බොරු කීමෙන් වැළකුනී වෙයිද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර බීමෙන් වැළකුනී වෙයිද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.

දෙවෙනි වර්ගය නිමි.