සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
3. බල වර්ගය
4. අභිභූය්‍ය සූත්‍රය
“මහණෙනි, ස්ත්‍රියගේ මේ බලපසකි. රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය, යන මොහුයි මහණෙනි, මේ ස්ත්‍රියගේ බලපස වෙති. මහණෙනි, මේ බල පසින් යුක්ත ස්ත්‍රිය ස්වාමියා මැඩපවත්වා වසයි. මහණෙනි, මේ එක්බලයකින් යුක්ත පුරුෂතෙම ස්ත්‍රිය මැඩපවත්වා වසයි. කවර එකකින්ද, ‘අධිපතිභාවයෙනි’ අධිපති භාවයෙන් බලයෙන් මඩනාලද ස්ත්‍රිය රැකීමට රූපබලය සමත් නොවේ, ධනබලය සමත්නොවේ. ඤාතිබලය සමත් නොවේ, පුත්‍රබලය සමත් නොවේ. සීලබලය සමත්නොවේ.”