සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

3. බල වර්ගය

5. අඩ්ග සූත්‍රය

“මහණෙනි, ස්ත්‍රියගේ මේ බලපසක් වෙත්. කවර බල පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යන පසයි. මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන් යුක්තවේද, ධනබලයෙන් යුක්තනොවේද, මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් අසම්පූර්ණ වෙයි. මහණෙනි, ස්ත්‍රිය යම් හෙයකින් රූපබලයෙන්ද ධනබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් සම්පූර්ණවෙයි. මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන්ද යුක්තවේද, ධනබලයෙන්ද, යුක්තවේද, ඤාතිබලයෙන් යුක්තනොවේද, මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් අසම්පූර්ණ වෙයි. මහණෙනි, යම් හෙයකින් ස්ත්‍රිය රූපබලයෙන්ද, යුක්තවේද, ධනබලයෙන්ද යුක්තවේද, ඤාති බලයෙන්ද යුක්ත වේද, මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් සම්පූර්ණවේ. මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන්ද යුක්තවේද, ධනබලයෙන්ද යුක්ත වේද, ඤාතිබලයෙන්ද යුක්තවේද, පුත්‍ර බලයෙන් යුක්ත නොවේද, මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් අසම්පූර්ණවෙයි මහණෙනි, යම්හෙයකින් ස්ත්‍රිය රූප බලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්‍රබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අංගයෙන් සම්පූර්ණවෙයි. මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාති බලයෙන්ද, පුත්‍රබලයෙන්ද, යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් අසම්පූර්ණ වේ. මහණෙනි, යම්හෙයකින් ස්ත්‍රිය රූපබලයෙන්ද, ධන බලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්‍රබලයෙන්ද, සීලබලයෙන්ද, යුක්තවේද, මෙසේ ඕතොමෝ ඒ අඩ්ගයෙන් සම්පූර්ණ වෙයි. මහණෙනි, මොව්හු ස්ත්‍රියගේ බලපස වෙත්.”