සංයුත්තනිකායො
සළායතන වර්ගය
3. මාතුගාම සංයුත්තය
3. බල වර්ගය
10. වඞ්ඪන සූත්රය
“මහණෙනි, මේ කරුණු පසකින් වැඩෙන ආර්ය ශ්රාවිකා තොමෝ ආර්ය වැඩීමෙන් වැඩෙයි. ජීවිතයේ සාරය ගන්නියක් වෙයි. උතුම් දෙය ගන්නියක් වෙයි. කවර පසකින්ද යත්, ශ්රද්ධාවෙන් වැඩෙයිද, සීලයෙන් වැඩෙයිද, ශ්රැතයෙන් (අසා දැනීමෙන්) වැඩෙයිද ත්යාගයෙන් වැඩෙයිද, ප්රඥාවෙන් වැඩෙයිද, මහණෙනි, මේ වැඩීම් පසින් වැඩෙන්නාවූ ආර්යශ්රාවිකා තොමෝ ආර්ය වැඩීමෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නියක් වෙයි. උතුම් දෙය ගන්නියක් වෙයි.
“ශ්රද්ධාවෙන්ද, සීලයෙන්ද, මේ ලෝකයෙහි වැඬේද, ප්රඥාවෙන්ද, ශ්රැතයෙන්ද, (අසාදැනීමෙන්) යන දෙකින් වැඬේද, එවැනි සිල්වත් උපාසිකා තොමෝ මෙලොවදීම තමන්ගේ ජීවිතයේ සාරය ගනියි.
තුන්වෙනි බල වර්ගය නිමි.
මාතුගාම සංයුත්තය සමාප්තයි.