සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
3. බල වර්ගය
9. විසාරද සූත්‍රය (2)
“මහණෙනි, කරුණු පසකින් යුක්ත ස්ත්‍රිය නිර්භීතව ගෙයි වාසය කරයි. කවර කරුණු පසකින්ද යත්, සතුන් මැරීමෙන් වැළකුනියක් වේද, නුදුන් දෙය ගැනීමෙන් වැළකුනියක්වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනියක් වේද, බොරු කීමෙන් වැළකුනියක් වේද, රහමෙර පීමෙන් වැළකුනියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ගෘහයෙහි නිර්භීතව වාසය කෙරේයයි” වදාළ සේක.