සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
6. උපනාහී සූත්‍රය
(මෙතැන් සිට මේ වර්ගයේ සූත්‍ර සියල්ලම පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නරකයෙහි උපදී. කවර කරුණු පසකින්දයත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, බද්ධවෛර ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී.”