සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

7. ඉස්සුකී සූත්‍රය

“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ඊර්ෂ්‍යා ඇත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”