සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

7. එසනා වර්ගය

2. විධා සූත්‍රය

“මහණෙනි, මේ මානය පිළිබඳ කොටස් තුනකි. කවරනම් තුනක්ද යත්, ශ්‍රෙෂ්ඨයෙක් වෙමි යන මාන කොටස, සමානයෙක් වෙමි යන මාන කොටස, හීනයෙක් වෙමි යන මාන කොටස යන මොහුයි. මේ වනාහී ත්‍රිවිධ මාන කොට්ඨාසයෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ කොට්ඨාසයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ ත්‍රිවිධ මාන කොට්ඨාසයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.