සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
7. එසනා වර්ගය
3. ආසව සූත්‍රය
“මහණෙනි, මේ ආසවයෝ තිදෙනෙකි. කවරනම් තිදෙනෙක්ද යත්? කාමාසවය, භවාසවය, අවිජ්ජාසවය යන මොහුය. මහණෙනි, මේ ආසවයන් තිදෙනාගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ ත්‍රිවිධ ආශ්‍රවයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.