සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
7. එසනා වර්ගය
10. තණ්හා සූත්‍රය
“මහණෙනි, මේ තණ්හා තුනකි. කවරනම් තුනක්ද යත්? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මොහුයි. මහණෙනි, මෙ වනාහි තණ්හා තුනයි. මහණෙනි, මේ තෘෂ්ණා තුන දැනීම පිණිස පිරිසිඳ දැනුම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මේ ත්‍රිවිධ තෘෂ්ණාවන්ගේ දැණීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුත්තේ යයි” වදාළසේක.