සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
8. ඔඝ වර්ගය
2. යොග සූත්‍රය
(මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රවල 1 වෙනි ඡෙද මේ වර්ගයේ මුල් සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරකි. කවරනම් සතරක්ද යත්? කාම යෝගය, (පඤ්චකාම ආශාව), භව යෝගය (රූපාරූපභාවයන්හි ආශාව) දිට්ඨි යෝගය (දෙසැට දෘෂ්ටි) අවිජ්ජා යෝගය (මොහය) යනුයි. මහණෙනි, මේ වනාහි යෝග සතරයි. මහණෙනි, මේ සතර යෝගයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ සතර යෝගයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.