සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
4. පටිපත්ති වර්ගය
3. මග්ගවිරද්ධ සූත්‍රය
“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන් නොගන්නාලද්දේද? ඔහු විසින් මනාකොට දුක් කෙළවර කරන මාර්ගය පටන්නොගන්නා ලද්දේවේ. මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නා ලද්දේද? ඔහු විසින් මනාකොට දුක් කෙළවර කරණ මාර්ගය පටන්ගන්නා ලද්දේවේ. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්නොගන්නා ලද්දේද? ඔවුන් විසින් මනාකොට දුක් කෙළවර කරණ මාර්ගය පටන් නොගන්නා ලද්දේ වේ. මහණෙනි, යම් කිසිකෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නා ලද්දේද? ඔවුන් විසින් මනාකොට දුක් කෙළවර කරන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නාලද්දේ වේයයි වදාළසේක.