සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
4. පටිපත්ති වර්ගය
9. බ්‍රහ්මචරිය ඵල සූත්‍රය
“මහණෙනි, තොපට මම බ්‍රහ්මචරියාව දෙශනා කරන්නෙමි. බ්‍රහ්මචරියාවේ ඵලයන්ද දෙශනා කරන්නෙමි. එය අසව්.
“මහණෙනි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සමයක් සතිය සහ සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය බ්‍රහ්ම චරියාවයයි කියනු ලැබේ.
“මහණෙනි, බ්‍රහ්මරියාවේ ඵලයෝ නම් කවරහුද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන මොහුයි. මහණෙනි, මොව්හු බ්‍රහ්මරියාගේ ඵලයෝ යයි කියනු ලැබෙතියි” වදාළසේක.