සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
2. ගිලාන වර්ගය
8. අරියමග්ග විරද්ධ සූත්‍රය
“මහණෙනි, යම් කිසි කෙනෙකුන් විසින් සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන් නොගන්නා ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවතින්නාවූ ආර්ය මාර්ගය පටන්නොගන්නා ලද්දේය. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් සප්ත බොධ්‍යංග ධර්මයෝ වඩන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය තෙම වඩන ලද්දේය. ඒ සත කවරේද යත්?
(මේ ඡෙදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි. 2689 පිට බලන්න.)
“මහණෙනි, යම් කිසිවෙකු විසින් මේ සප්ත බොධ්‍යංග ධර්මයෝ පටන්නොගන්නා ලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය පටන් නොගන්නා ලද්දේය. මහණෙනි, යම් කිසිවෙකු විසින් මේ සප්ත බොධ්‍යංගමයෝ පටන්ගන්නාලද්දාහුද, ඔවුන් විසින් දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්ය මාර්ගය තෙම පටන් ගන්නා ලද්දේය” යනුයි.