සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

2. ගිලාන වර්ගය

10. නිබ්බිදා බොජ්ඣංග සූත්‍රය

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සප්තබොජ්ඣංගයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස දුක් නැති කිරීම පිණිස සංසිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිත්. ඒ සත කවරේදයත්?

(මේ ඡෙදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි. 2689 පිට බලන්න.)

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ බොජ්ඣංග සත ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස, දුක් නැති කිරීම පිණිස, සන්සිඳීම පිණිස, මනාකොට දැනගැනීම පිණිස, මනාකොට අවබෝධය පිණිස පවතිත්” යනුයි.

දෙවෙනි ගිලාන වර්ගය නිමි.