සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
6. තණ්හක්ඛය පටිපදා සූත්‍රය
“මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද ඒ මාර්ගය ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද? යම් මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙත්ද, (ඔව්හුය) ඒ සත කවරහුදයත්?
(මේ ඡෙදය පබ්බත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි. 2689 පිට බලන්න)
මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි, කෙසේ වඩනලද්දාවූ, මෙසේ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ සප්ත තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද?”
“උදායි, මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩයිද, ඒ විවෙකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි.
“මහණෙනි, මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ ධම්මවිචය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවෙකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ විරිය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවෙකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවෙකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවෙකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, විරිය සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි.
“මහණෙනි, මහණතෙම විවෙකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ ව්‍යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණවෙයි. තෘෂ්ණාව ප්‍රහීණවීම නිසා කර්මය ප්‍රහීණවෙයි. කර්මය ප්‍රහීණවීම නිසා දුක ප්‍රහීණවෙයි. උදායි! මෙසේ වනාහි තෘෂ්ණාව, ක්ෂයවීමෙන් කර්මය ක්ෂයවෙයි. කර්මය ක්ෂයවීමෙන් දුක ක්ෂයවේයයි” වදාළසේක.