සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

5. චක්කවත්ති වර්ගය

6. දළිද්ද සූත්‍රය

“ස්වාමීනි, දිළින්දා, දිළින්දා යයි කියනු ලැබේ. ස්වාමීනි, කරුණු කීයකින් දිළින්දායයි කියනුලැබේද?”

“මහණ, සප්ත සම්බොධ්‍යංගයන් නොවඩනලද බැවින් නැවත නැවත පුරුදු නොකරන ලද බැවින් දිළින්දායයි කියනුලැබේ.

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණ, මේ සප්ත බොධ්‍යාංගයන් නොවඩන ලද බැවින් නැවත නැවත පුරුදු නොකරනලද බැවින් දිළින්දායයි කියනුලැබේ යයි” වදාළසේක.