සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
1. පර්වත වර්ගය
9. බොජ්ඣංගුප්පාද සූත්‍රය
(මෙහි මුල් ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන්නාවූ මේ සත්ත බොජ්ඣංගයෝ අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් හැර අන් කාලයක නොඋපදිත්. ඒ සත කවරේද?
(මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සත්ත සම්බොජ්ඣංගයෝ අර්හත්, සම්මා සම්බුදු, තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් හැර අන්කාලයක නොඋපදිත්යයි” වදාළසේක.