සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

3. ඡළින්ද්‍රිය වර්ගය

3. අඤ්ඤාතාවින්ද්‍රිය සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, අනඤ්ඤාතස්සාමිතින්ද්‍රිය (සෝවාන් මාර්ග ඥානය) අඤ්ඤින්ද්‍රිය (සෝවාන්ඵලයේ පටන් අර්හත් මාර්ගය දක්වා ආර්‍ය්‍ය මාර්ගඵල ඥානය) අඤ්ඤාතාවින්ද්‍රිය (අර්හත් ඵල ඥානය) යනුයි. මහණෙනි, මේ තුන් ඉන්ද්‍රියයෝ වෙත්.