සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
3. ඡළින්ද්‍රිය වර්ගය
10. දුතිය ඡළින්ද්‍රිය සූත්‍රය
[2] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්ද්‍රිය නොදනිත්ද, චක්ඛුන්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, චක්ඛුන්ද්‍රිය නිරොධය නොදනිත්ද, චක්ඛුන්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සොතින්ද්‍රිය නොදනිත්ද, සොතින්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, සොතින්ද්‍රිය නිරොධය නොදනිත්ද, සොතින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඝානින්ද්‍රිය නොදනිත්ද, ඝානින්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ඝානින්ද්‍රිය නිරොධය නොදනිත්ද, ඝානින්ද්‍රිය නිරොධ ගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජිව්හින්ද්‍රිය නොදනිත්ද, ජිව්හින්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ජිව්හින්ද්‍රිය නිරොධය නොදනිත්ද, ජිව්හින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කායින්ද්‍රිය නොදනිත්ද, කායින්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්‍රිය, කායින්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්‍රිය නිරොධය නොදනිත්ද, කායින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද,
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනින්ද්‍රිය නොදනිත්ද, මනින්ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, මනින්ද්‍රිය නිරෝධය නොදනිත්ද, මනින්ද්‍රිය නිරොධගාමිනීප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරත්.
[3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්ද්‍රිය දනිත්ද චක්ඛුන්ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, චක්ඛුන්ද්‍රිය නිරොධය දනිත්ද, චක්ඛුන්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, සොතින්ද්‍රිය දනිත්ද, සොතින්ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, සොතින්ද්‍රිය නිරොධය දනිත්ද, සොතින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, ඝානින්ද්‍රිය දනිත්ද, ඝානින්ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, ඝානින්ද්‍රිය නිරොධය දනිත්ද, ඝානින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, ජිව්හින්ද්‍රිය දනිත්ද, ජිව්හින්ද්‍රිය ඇතිවීමේ හේතුව හේතුව දනිත්ද, ජිව්හින්ද්‍රිය නිරොධය දනිත්ද, ජිව්හින්ද්‍රිය නිරොධ ගාමිනී ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කායින්ද්‍රිය නිරොධය දනිත්ද, කායින්ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, කායින්ද්‍රිය නිරොධය දනිත්ද, කායින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, මනින්ද්‍රිය දනිත්ද, මනින්ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, මනින්ද්‍රිය නිරොධය දනිත්ද, මනින්ද්‍රිය නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත්ද,
“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
ඡළින්ද්‍රියවග්ගො තතියො.