සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්රිය සංයුත්තය
7. බොධිපක්ඛිය වර්ගය
5. ද්විඵල සූත්රය
[2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි.
[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් මේ ආත්මයෙහි රහත් බව හෝ ස්කන්ධ ශෙෂය ඇති කල්හි අනාගාමි බව හෝ යන ඵලදෙක අතරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි.”