සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
1. චාපාල වර්ගය
3. අරියනිර්‍ය්‍යානික සූත්‍රය
“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ මේ සතරපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්.
“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුතු ඉද්ධිපාදය වඩයි.
“විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්”