සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය

16–18. නිරයදෙවනිරයාදිසුත්තං

16. නිරය නිරයගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතවූවාහු නිරයෙහිම උපදිත්ද? ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?

17. නිරය තිරච්ඡානගති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද එබඳු සත්වයෝ අතිශයින් ස්වල්පවෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව තිරිසන්යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද?

(මෙහි කොටසක් අඩුය)