සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
13–15. නිරයමනුස්සනිරයාදිසුත්තං
13. නිරය නිරය ගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
14. නිරය තිරච්ඡානගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව මිනිසුන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බැවිනි, කවර සතරකගේද?
15. නිරයපෙතගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නරකයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නරකයෙන් චුතව ප්‍රේත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බැවිනි. කවර සතරකගේද?