සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
10–12. දෙවමනුස්සනිරයාදිසුත්තං
10. දෙවනිරයගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව දෙවියන් කෙරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද?
11. දෙවමනුස්සගති සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව මනුෂ්‍යයන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
12. දෙවපෙත්ති විසය සූත්‍රය.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වයෝ දෙව් ලොවින් චුතව මිනිසුන් අතරෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙව් ලොවින් චුතව ප්‍රේතයන් කෙරෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද?