සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය

7–9. දෙවචුතිනිරයාදිසුත්තං

7. දෙව නිරයගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව්ලොවින් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්, එතකුදු වුවත් යම් සත්වයෝ දෙව් ලොවින් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?

8. දෙවතිරච්ඡානගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙව් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?

9. දේවපෙත්තිවිසය සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?