සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
3. කොටිගාම වර්ගය
5. සච්ච ආසවක්ඛය සූත්‍රය
“මහණෙනි, මම දන්නාවූ දක්නාවූ පුද්ගලයාගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම කියමි. නොදන්නාහුගේ නොදක්නහුගේ නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද?
“මහණෙනි, මෙය දුකයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. මේ දුකට හේතුවයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි මේ දුක නැති කිරීමයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂය වෙයි. මේ දුක නැතිකරන මාර්ගයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි.
(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)