සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
4. සිංසපා වර්ගය
2. ඛදිරපත්ත සූත්‍රය
[2] “මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ.
[3] “මහණෙනි, යම්සේ යමෙක් ‘මම කිහිරි කොළයකින් හෝ ඉඟුරු පියලිය කොළයකින් හෝ නෙල්ලි කොළයකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවන්නේද මහණෙනි, මෙසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය ශාක්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ නොකොට, දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය පරිදි අවබොධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ.
[4] “මහණෙනි, යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි දැන මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුවෙයි.
[5] ‘මහණෙනි, යම්සේ යමෙක් ‘මම නෙළුම් කොළයකින් හෝ කොළ පතකින් හෝ ඕලුවා පතකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුවන්නේද, මහණෙනි, එසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කොට, දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි දැන මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් මේ කරුණ සිදුවෙයි.
[6] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)