සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
4. සිංසපා වර්ගය
3. දණ්ඩනීරතන සූත්‍රය
“මහණෙනි, උඩ අහසට විසිකරන ලද දණ්ඩක් වනාහි යම්සේ වරක් මුලින් බිම වැටේද, වරක් මැදින් බිම වැටේද, වරක් අගින් බිම වැටේද. මහණෙනි, එසේම අවිද්‍යාවෙන් වැසුණාවූ, තණ්හාවෙන් බැඳුනාවූ, සසර ගමන් කරන් කරන්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වනාහි වරක් මෙලොවින් පරලොවට යෙත්. වරක් පරලොවින් මෙලොවට එත්. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)