සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

4. සිංසපා වර්ගය

4. ආදිත්තචෙල සූත්‍රය

“මහණෙනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි කුමක් කළ යුතුද?

“ස්වාමීනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි ඒ රෙද්ද හෝ හිස හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද වෑයමද, උත්සාහයද, වීර්‍ය්‍යයද, නොපසුබස්නා වීර්‍ය්‍යයද, සිහියද, නුවණද ඇති කළ යුතුයි.”

“මහණෙනි, ඇවිල ගත් රෙද්ද හෝ හිස හෝ නොබලා, මෙනෙහි නොකොට, අවබොධ නොකරන ලද, චතුරාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබොධ කිරීම පිණිස බලවත් කැමැත්තද, වෑයමද, උත්සාහයද, වීර්‍ය්‍යයද, නොපසුබස්නා වීර්‍ය්‍යයද, සිහියද නුවණද ඇතිකළ යුතුය කවර සතරක්ද?

(මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)