සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
1. සමාධි වර්ගය
6. දුතිය සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වාකාරයෙන් මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ම තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුය.
“මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරන්නාහුද ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරන්නාහුය.
“මහණෙනි, මෙකල යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි පවසත්. ඒ සතර කවරහුද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යනුයි.
“මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුද, (මතු) ප්‍රකාශ කරන්නාහුද, මෙකල අවබොධ කරත්ද ඒ සියලුදෙන මේ සතර ආර්‍ය්‍යය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබොධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළහ, ප්‍රකාශ කරන්නාහුය, ප්‍රකාශ කරත්.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)